අන්තර්ජාලයෙන් මුදල් සොයමු
සමහරු කියන කතාවක් තමයි අන්තර්ජාලයෙන් නිකන් ඉදල සල්ලි හොයන්න පුලුවන්
කියල. ඒත් මුලින්ම කියන්න ඕනෙ ලෝකෙ කිසිම කෙනෙක් අපි වැඩක් නොකර නිකන්
ඉදියට අපිට සල්ලි දෙන්නෙ නෑ. ඒ නිසා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ඉන්නවනම්
අපිට නිකන් ඉදල මුදල් හොයන්න පුලුවන් කියන මානසුකත්වයෙන් ඔයා මිදෙන්න ඕනෙ.
ඔය වගේ සමහරු කියන නිසා මාත් කාලයක් ඔය වැඩේ බොරු වැඩක් කියල හිතාගෙන
හිටිය. ඒත් දැන් මං දන්නවා එහෙම කියන්නෙ කම්මැලි මිනිස්සු කියල. ඒ නිසා
වැඩේ පටන් ගන්න කලින් මං ඔයාලට කියන්නෙ ඔයත් කම්මැලියි නම් මේ දේවල් වලට
ලියාපදිංචි වෙන්න එපා.
හැබැයි උත්සාහය තියෙනවනම් ඔයාටත් මාසෙකට සාධාරණ ගානක් උපයාගන්න
පුලුවන්. බොහෝ විට ඔයාගෙ උත්සාහය තියෙනවනම් ඔයාගෙ මාසෙ පඩිය වගේ කිහිප
ගුණයකින් වුවත් මුදල් හොයන්න පුලුවන්කම තියෙනවා. ඒ නිසා කවදාවත් හිතන්න හොද
නෑ අපිට ඕවා බෑ, අපිට දැනුම නෑ කියල. සමහරු අතර සමාජගත වුණු දෙයක් තමයි මේ
අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පාඨමාලාවක් කරන එක අනිවාර්යයි කියන එක. ඒ
කතාව සම්පූර්ණ බොරුවක්. ඒ නිසා ඒ කතා වලට අහු වෙන්න එපා. දැන් මං එහෙම
කියද්දි ඔයාලට ඇති වෙයි ප්‍රශ්ණයක් මං මොකටද මේ නොමිලේ ඔයාලට මේ දේවල් කියල
දෙන්නෙ කියල. ඒ දේ ඔයාලටත් වැඩ කරන්න පටන් ගත්ත දවසෙ ඉදලම තේරෙයි.
ආ තව
දෙයක් කියන්න අමතක වුණා ඒ තමයි විවිධ ව්‍යාජ වෙබ් අඩවි තියෙනව ඒක නිසා අපි
අන්තර්ජාලයෙන් මුදල් උපයනවනම් අනිවාර්යෙන්ම කාගේ හෝ මග පෙන්වීමක් අනුවම
කල යුතුයි මොකද කියනවනම් ඒවායෙන් කිසිදු හානියක් සිදු නොවුනත් ඔයාගේ කාලය
නිකරුනේ නාස්ති විය හැකි නිසා. ඔන්න දැනට මූලික වටය මේ ඇති කියල මං හිතනවා
මීලග ලිපියේ ඉදන් පියවරෙන් පියවර ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන විදිය ගැන
ඉගෙන ගන්න පුලුවන්. ආ තව දෙයක් කියන්න අමතක වුණා මං ඔයාලට කියල දෙන්නෙ මං
සල්ලි අතට ගත්තු විශ්වාසවන්ත වෙබ් අඩවි විතරයි.
දැනට මෙච්චරයි. ලිපිය
හොදනම් කමෙන්ට් එකක් දාගෙන යන්න.
1 comments:
Aththatama mudal upayanna asanam pahalin yanna.skip ad karala
http://adyou.me/EFR9
EmoticonEmoticon